උත්තර දේවියේ ගැටුණ මෝටර් රථය ගිනි ගනියි


කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රියේ වනවාසල දුම්රිය ස්ථානය අසළ මෝටර් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.

මෝටර් රථය දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රියත් සමග මීටර කිහිපයක් ඉදිරියට ඇදී ගිය මෝටර් රථය පසුව ගිනි ගැනිමට ලක්ව තිබේ.

පෞද්ගලික ආයතනයක සේවය කළ වත්තල ප්‍ර දේශයේ පදිංචි ඉංජිනේරුවරයෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මෝටර් රථය ගිනි ගැනීම හේතුවෙන් දුම්රියේ ඉංජිමටද ගිනි ගැනීමක් සිදුව ඇති බවත් ගින්න පාලනය කර ඇති බවත් පෑලියගොඩ ‌පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

 

 

 

 



Recommended Articles