ඉහළම උසක සිට ක්‍රිකට් පුහුණුවීම් අරඹයි


ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඊයේ (18) දින සිට පුහුණුවිම් ආරම්භ කර ඇත.

දිඹුල ක්‍රිඩා සමාජය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇති කර ගත් එකගතාවයක් මත නවසිලන්ත කාලගුණ තත්ත්වයට සමාන මුහුදු මට්ටමේ සිට අඩි 4200 ඉහලින් පිහිටි රදැල්ල ක්‍රිඩාංගණය ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවිම් කටයුතු සදහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශාල මුදලක් වැය කර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ භාර නිලධාරි ගොඩ්ෆ්‍රි දාබරේරා මහතාගේ අධික්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කල බව රදැල්ල ක්‍රිඩා සමාජයේ ලේකම් සරත් රණවිර මහතා කියා සිටියේ.

මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාාවේ ඉහළම උන්නතාංශයක පිහිටි ක්‍රිඩා පිටියක් ලෙස සැලකෙයි.

(18) දින සිට මේ මස (23) දින දක්වා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම රදැල්ල ක්‍රිඩාංගණයේ පුහුණුවිම් කටයුතු වල නියැලිමට නියමිත අතර, ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක නතර වි එම කාලය තුල පුහුණුවිම් කටයුතු වලට රදැල්ල ක්‍රිඩාංගණයට පැමිණෙයි.

ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරොෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා ඇතුළු ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් පුහුණුවිම් කටයුතු සිදු කරයි.

රදැල්ල ක්‍රිඩාංගණය 1956 වසරේ ආරම්භ කල ක්‍රිඩාංගණයක් බවත්, එම ක්‍රිඩාංගණය රදැල්ල ක්‍රිඩා සමාජයේ සමාජිකයන් වන වතු පාලකයින් විසින් පාලනය කරන බවයි සරත් රණවිර මහතා කියා සිටියේ.

දැනටමත් එම ක්‍රිඩාංගණයේ ක්‍රිකට් ක්‍රිඩාව සිදු කරන බවත්, රදැල්ල ක්‍රිඩාංගණය තවදුරටත් වැඩි දියුණු කිරිමට ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර ඇති බවද රදැල්ල ක්‍රිඩා සමාජයේ ලේකම් සරත් රණවිර මහතා වැඩිදුරටත් කියා සිටියේ.



Recommended Articles