ඉන්දුනීසියානු යුද නැවක් කොළඹට


ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

  මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නැමැති ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාව, දිගින් මීටර් 105.02 ක් හා නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස Captain Nopriadi, M. Tr. Hanla කටයුතු කරනු ලබයි.   

‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 පෙබරවාරි 03) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවති අතර, එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. 

තවද, මෙම නිල සංචාරය නිමාකරමින් 2023 පෙබරවාරි මස 05 වන දින ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

 



Recommended Articles