පැතුම් ශ්‍රී විජේරත්න (සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. එරීනා ක්‍රීඩාංගණයේ සිට)
11වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සිය දෙවැනි තරගයට සහභාගිවූ ශ්‍රී ලංකාකණ්ඩායම, ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 101-29ක් ලබමින් සියදෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. තරගාවලියේ දෙවැනි දිනයවූ ඊයේ (02දා) සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ශතකය පසුකර ගිය දෙවැනි අවස්ථාව ලෙස මෙය පෙන්වාදිය හැකිය. මීට පෙර පෙරේදා (01දා) ශ්‍රී ලංකා කණ්ඩායම, චීන තායිපේ කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට සහභාගි වෙමින් ලකුණු 137-05ක් ලෙස තරගය ජයගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාකණ්ඩායම තමන් සහභාගි වූ 'බී' කාණ්ඩයේ තරග ද්විත්වයම ජය ගනිමින් තරගාවලියේඅපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත්තේය. අද (03දා) ශ්‍රී ලංකා කණ්ඩායමට තරග නොමැති අතර, මූලික වටයේ අවසන් තරග පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා - ඉන්දීය^ තරගයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවඉතා සටන්කාමී තරග විලාසයක් පෙන්නුම් කරමින් ලකුණු 26-08ක් ලෙස එම කාර්තුවනිමා කළේය. එහිදී ගයංජලී අමරවංශ සහ තිළිණි වත්තේගෙදර කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ. ගයනිදිසානායකගේ පන්දු ගොඩගැනීමේ ආක්රමණශීලීත්වය නිසා මෙහිදී වැඩිලකුණු කණ්ඩායමටඑකතු විය. එමෙන්ම තර්ජිනි සිවලින්ගම් වේගවත්ව ක්‍රීඩා කරමින් තමාට ලැබුණුඅවස්ථා සියල්ල ලකුණු බවට පරිවර්තනය කළාය. තර්ජිනිගේ පන්දු විදීමේ සාමාන්‍ය 98෴ක් තරම් ඉහළ අගයක් ගෙන තිබීම සුවිශේෂිය.
දෙවැනි කාර්තුව තවත් වේගවත් කළ ශ්‍රී ලංකාක්රීඩිකාවෝ එහිදී ඉන්දියාවට ලකුණු 04ක් පමණක් දෙමින් තවත් ලකුණු 33ක්එක්කර ගත්හ. එහිදී නෞචලී රාජපක්ෂ, හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක දක්ෂතාදැක්වූහ. තෙවැනි සහ සිවුවැනි කාර්තු පිළිවෙළින් ලකුණු 20-07ක්සහ 22-10 ක් ලෙසජයගත්ශ්රී ලංකාකණ්ඩායම මෙවර තරගාවලියේ වඩාත් භයානකම කණ්ඩායම තමන් බවට ඔප්පු කළේය. ඉන්දීයතරගය පුරාවට ගයනි දිසානායක,හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක දක්ෂතාදැක්වීම කැපීපෙනුණි.