ඉන්දියාව හා ලංකාව එකම කාසියේ දෙපැත්තක්


ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.

ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය යුතු බව අවධාරණය කළ  වික්‍රමසිංහ මහතා සහජීවනයෙන් කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළයුතු බවත් පැවසීය.

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු අතර එම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ගුවන් හමුදා කඳවුර පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මහතා විසින් පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර පිළිගැන්වුණු අතර උත්සවය සනිටුහන් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

අනාදිමත් කාලයක සිට අපට උපකාර කරන ඉන්දීය රජයට සහ ඉන්දීය නාවික හමුදාවට මම පළමුවෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. මට මතකයි අවුරුදු 6ක් 7ක් තරම් ළමා කාලයෙදි මම මුලින්ම යුධ නෞකාවට නැග්ගා.  එය ඉන්දීය නාවික හමුදාවට අයත් එකක්. ඒ වකවානුවේ දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් එම ඉන්දීය නෞකාව මෙරටට ලබා දී තිබුණා.

ගුවන් හමුදාපතිවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම ගුවන් යානය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බැවින් අද දිනට යෙදෙන ඉන්දීය නිදහසේ 75 වැනි සංවත්සරය විශේෂ අවස්ථාව ගැන වචන කිහිපයක් කියන්න ඕන කියලා මට හිතුණා.

යූ ටියුබ් සමාජ මාධ්‍යයට ස්තූතිවන්ත වෙන්න, ඊයේ මම, ඉන්දීය නිදහස් දිනයේදී පණ්ඩිත් නේරු කළ ‘ද ට්විස්ට් විත් ඩෙස්ටිනි’ (‘The Twist with Destiny’) දේශනයට සවන් දුන්නා. එයින් ඔබට උපුටා දැක්විය යුතු යැයි සිතූ එක් ඡේදයක් තියෙනවා. “අද අපි සමරන ජයග්‍රහණය පියවරක් පමණයි. විශාල අත්හදා බැලීම් සඳහා අවස්ථා විවෘත කිරීම අප බලා සිටින ජයග්‍රහණයයි. මෙම අවස්ථාව ග්‍රහණය කර ගනිමින් අනාගතයේ අභියෝගය භාර ගැනීමට තරම් අප නිර්භීතද? ප්‍රඥාවන්තද? ඉන්දියාව එය ග්‍රහණය කර ඇත.

මෙම ඉදිරි මාවත පෙන්වා දුන්නේ අන් කිසිවකු නොව පණ්ඩිත් නේරු විසින්. අද ඔබ නෙලාගන්නේ ඔබ ග්‍රහණය කරගත් දේ. ඉන්දියාව අද ලෝක බලවතා බවට පත්වෙමින් තිබෙන අතර එය  ඉහළ යමින් පවතිනවා. අපට එය දැක ගැනීමට නොහැකි වුවත් ශතවර්ෂයේ මැද භාගය වන විට බලගතු ඉන්දියාව ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇත.

එයම පණ්ඩිත් නේරුට උපහාරයක්. මගේ කතාවෙන් බැහැරව, මට මතක් කරන්නේ ඉන්දියාවේ එක් දේශපාලනඥයෙකු සහ ප්‍රමුඛ විරුද්ධවාදියෙකු වන අගමැති වජ්පායි විසින් ඔහුට කරන ලද උපහාරයක්.දිනක් ලොක් සභා පාර්ලිමේන්තුවේදී කතා කරමින් ඔහු පණ්ඩිත් නේරු ගැන හදුන්වා දුන්නේ  ඔහු චර්චිල්ගේ සහ චැම්බර්ලින්ගේ සම්මිශ්‍රණයක් ලෙසයි. එදින සවස ඔහුට රාත්‍රී භෝජන සංග්‍රහයක දී පණ්ඩිත් නේරු මුණගැසුණු අතර පණ්ඩිත් නේරු ඔහු වෙත පැමිණ  ‘ඔබ ඉතා ශක්තිමත් කතාවක් කළා’ යැයි පවසා ඔහුගේ පිටට තට්ටු කර නික්ම ගියේය. එය පණ්ඩිත් නේරුගේ ශ්‍රේෂ්ඨත්වයේ සලකුණක් බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනා නොදන්නා තවත් දෙයක් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු වීමට සහ එහි සාමාජිකත්වය ලබා ගැනීමට පණ්ඩිත් නේරූ අපට පූර්ණ සහයෝගය ලබා දුන්නා.

මට මතකයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජිත අමාත්‍ය වී.කේ. ක්‍රිෂ්ණ මෙනන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කර ගැනීම සඳහා නිව්යෝර්ක් නුවරට යාමට සහ එහි සිට කළ යුතු කර්යයන් සදහා මගේ පියාට සියලු සහයෝගය ලබා දුන්නා. මගේ පියා ඔහුව හොඳින් දැන සිටියා.

ඉතා සමීපව ඔහුව දැක ගැනීමට අවස්ථාවක් නොමැති වුනත් ඉන්දියානු මහා කොමසාරිස් නිල නිවස (India House) වෙත යන අතරමගදී ඔහුගේ මෝටර් රථය යන ආකාරය දෙස  බලා සිටින ශිෂ්‍යයෙකු ලෙස මම ඔහුව ඈතින් දුටුවා.

නමුත්, මම තවත් බොහෝ ඉන්දීය දේශපාලනඥයන් හමුවීමට වාසනාව සහ වරප්‍රසාදය ලැබුවා, විශේෂයෙන්ම අගමැති මොරාර්ජි දේසායි, අගමැති චරන් සිං, අගමැති රජිව් ගාන්ධි, අගමැති නරසිංහ රාඕ විශේෂයෙන්ම අප දෙදෙනාම අධ්‍යාපන අමාත්‍යධූර හෙබවූ නිසා මම හොඳින් ඔහුව දැන සිටියා. තවද  අගමැති ඉන්දර් කුමාර් ගුජ්රාල් සහ අගමැති වජ්පායි.

ඔවුන් සියල්ලෝම හොදින් දැන සිටී අතර විශේෂයෙන්ම අගමැති මන්මෝහන් සිං, මා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී ඔහු ඉන්දීය මුදල් ඇමති ලෙස එරට ආර්ථිකය ලොවට විවෘත කිරීම සම්බන්ව ප්‍රසිද්ධ පුද්ගලයා වුණා. එමෙන්ම සෝනියා ගාන්ධි මැතිනියට සහ ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජිට මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදිටද මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අප කෘතඥ විය යුතුයි.

මම දන්නා තවත් බොහෝ දෙනෙක් සිටින අතර ශ්‍රී ලංකාවේ නැගී එන දේශපාලකයන්ට, ඉහළ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට මගේ උපදෙස් නම්, ඔබේ ඉන්දියානු සගයන්ව හොදින් දැන හඳුනාගෙන, ඔවුන් සමඟ ගනුදෙනු කරන ලෙසයි, මන්ද ඔබ එසේ නොකරන්නේ නම් ගැටළු දෙස බැලීමට සහ එකිනෙකා පවසන දේ තේරුම් ගැනීමට ඔබට අපහසු වනු ඇත. අපට බොහෝ ක්ෂේත්‍රවල පොදු අදහස් තිබෙනවා.

අපි සාගර මැද කුඩා රටක් වන අතර ඉන්දියාව තම අවශ්‍යතා ගැන සොයා බලන අතරම ගෝලීය බලවතෙකු ලෙස එහි භූමිකාව දෙස බැලිය යුතුයි. අපි ඔවුන් සමඟ කතා කිරීම අත්‍යවශ්‍යයි. සියල්ලට වඩා, ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා වන අතර, අප අවබෝධ කරගෙන සිටින අපට පොදු ගැටළු රාශියක් තිබෙනවා. ඉන්දු-ලංකා සබඳතාවලට  පමණක් නොව කලාපයට සහ ලෝකයට අදාළ ගැටලු අප විසඳාගත යුතුයි. එබැවින් මෙම ප්‍රදේශවල අපට එය කළ හැකි අතර, ඉන්දියාව සමඟ එකඟතාවයකට පැමිණීමට හෝ ඒ හා සමාන මත දැරීමට අපට බොහෝ අවස්ථාවන් තිබෙනවා. ඒ අය එක්ක තමයි අපි ඒකාබද්ධ කරන්නේ.

නමුත් ප්‍රාන්ත දෙකක්, ආණ්ඩු දෙකක් නිසා මතභේද ඇති වන අවස්ථා ඇති නොවනාවම නොවෙයි. එය ආරවුලක් කර නොගතයුත්තේ අපගේ සම්බන්ධතාවය මතයි. අපගේ සම්බන්ධය කුමක්ද? අපගේ සම්බන්ධතාවය හුදෙක් රටවල් දෙකක් අතර එකක් නොවේ. අපගේ සම්බන්ධතාව ඉන් එහාට ගිය එකක්.

වේදයන් විසින් දේශනා කරන ලද ඉන්දු නදී ඉවුරේ අපට පොදු උරුමයක් ඇති, ගංජී තැන්න මත බුදුරජාණන් වහන්සේ ස්වකීය ධර්මයන්ගේ ඉගැන්වීම්, යනාදීය අපට පොදු සහ ආවේණික දේවල්. ඒ වගේම ඒවා ඉන්දියානු උපමහාද්වීපයේ දකුණු කෙළවරට පොදු දේවල්. මේක තමයි අපි ගොඩනගා ගත්තත් මේ පොදු අතීතය ඇතුළේ අපිටත් විවිධ පැති තිබෙනවා. ඔබේ රටේ එය හින්දු ආගමයි, එය ප්‍රචලිත ආගමයි. අපේ රටේ තියෙන්නේ බුද්ධාගම. රාමායනයේ ඉන්දියානුවන්ට රාම වීරයා වන අතර අපට රාම සහ රාවණා දෙදෙනාම ලංකාවට වීරයෝ වෙනවා.

ඔබේ භාෂාව සංස්කෘත මත වැඩිපුර රඳා පවතින අතර අපට නාගාඩි සහ පාලි මත වැඩි යැපීම තිබෙනවා. ඉතින් අපිට පොදු දේවල් ගොඩක් තියෙන නිසා අපිට මෙහෙම යන්න පුළුවන්.

මහත්මා ගාන්ධිගේ සත්‍යග්‍රහය මොනතරම් ආස්වාදයක්ද එවගේම ස්වාධීන අවිහිංසාවාදී ව්‍යාපාරය අපට වුනත් මේවා හැර වෙනත් පිළිසරණක්  නැහැ.

නමුත් 1931න් පසු අපට තිබුණේ ඡන්ද බලයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයක්. ඒ නිසා අපි වෙනස් මාර්ගයක් හැදෑරුවා. මම හිතන්නේ ඒක ඉන්දියාවට තිබුණා නම් ඉන්දියාවේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ නිසා අපට මේ සියලු පොදු ලක්ෂණ ඇති අතර අපි එය ගොඩනගා ගත යුතුයි.

මම හැමදාම කිව්වේ අපි තනි කාසියක දෙපැත්ත කියලා. එක් මුහුණක් එක පැත්තකට වැටෙන ලෙසත් අනෙක් මුහුණ අනෙක් පැත්තට වැටෙන ලෙසත් කාසියක් බෙදිය නොහැක. මක්නිසාද යත් ඉතිහාසය අපව එකතු කර ඇති අතර අපට එකට සිටිය යුතුයි. මෙම සම්බන්ධතාවය කුමක්ද? මට ඒ සඳහා නිශ්චිත වචනයක් ලැබී නැහැ. නමුත් මට පැමිණිය හැකි සමීපතම දෙය, දෙරට අතර සහජීවන සබඳතාවයයි. අපි දෙගොල්ලන්ම දෙරටේ 75 වැනි සංවත්සරය සමරනවා. මම කියන්නේ අපේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැප වෙමු කියායි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles