ඉන්දියාවේ zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ දමිළ ගායනා රියලිටි තරගාවලියේ ජයග්රහණය ශ්රී ලංකාවේ කිල්මිෂා (Kilmisha Yaazhisai) දියණියට හිමිවී තිබේ.
කිල්මිශා යාපනයේ පදිංචි 14 හැවිරිදි දැරියකි. ඉන්දියාවේ බෙහෙවින් ජනප්රිය රියැලිටි වැඩ සටහනක් වූ මෙම තරගාවලියේ අවසන් තරගය ඊයේ (17 ) චෙන්නායි නගරයේ නේරු ගෘහස්ථ ක්රීඩාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණ අතර් එය Zee Tamil නාලිකාව ඔස්සේ එය සජීවීව විකාශය කෙරිණි .
මෙම ජයග්රහණය තීරණය කෙරුණේ ජනතා මනාපය අනුවයි. අවසන් තරගයට සහභාගී වූ හය දෙනා අතුරින් ඉහළම මනාපය කිල්මිෂාට හිමිවීමෙන් ඇයට තරගාවලියේ ශූරතාවය හිමි වී තිබේ. ඒ අනුව, ඇය ඉන්දියාවේ රියැලිටි තරගයක් ජයගත් පළමු ශ්රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් වෙනු ඇත.
SRGMP 2023 ආරම්භ වී ඇත්තේ Online තෝරාගැනීමේ වටයකිනි.. ඊළඟ වට කේරළය, තමිල්නාඩුව ආදී ප්රදේශ කිහිපයක දී පවත්වා තිබූ අතර. විනිශ්චය මණ්ඩලය මගින් ඉන් 45 දෙනෙකු තරග වැදීමට තෝරාගෙන තිබිණි .
එකිනෙකාට එරෙහි තරග වටවලින් වැඩිම ලකුණු ලැබූ 30 දෙනෙකු ඉදිරි වට සඳහා යලිත් තෝරා ගෙන තිබේ. ඒ අතරින් අවසන් තරගකරුවන් අතරට පිවිසි කිල්මිෂා, රික්ෂිතා, සංජනා, රුත්රේෂ්, කනිෂ්කර් සහ නිශාන්ත් යන තරගකරුවන් සහ තරගකාරියන් අතරින් කිල්මිශා මෙම ජයග්රහනය හිමි කර ගෙන ශ්රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දී තිබේ.
(තොරතුරු Filmibeat වෙබ් ,කිල්මිශාගේ පේස් බුක්,zee thamil ඇතුලු අන්තරජාල තොරතුරු ඇසුරෙන්)
ජේ.ඉඳුරුවගේ