ඉන්දියාව ඉහළ දැමූ ලංකාවේ ලූණු මිල පාකිස්තානය පහත දමයි


ඉන්දියාව ලොකු ලුණු අපනයනය කිරීම තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව 31 දින වන විට රුපියල් 300 ත්  350 ත්  අතර පහත වැටී ඇතැයි ලොකුළුණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම  තහනම් කොට ඇති බව මාධ්‍ය වාර්තා පළවිය, ඒ  සමගම ගෙනැවිත්  තිබූ ලොකු ලුණු තොග  කිලෝව රුපියල් පන්සීයක් හයසියයත් අතර ඉහළ මිලයකට වෙළෙන්දන්  ඉතා කූට ආකාරයෙන්ම අලවී කිරීමේ ජාවාරමක නිරත විය.

මෙම  ජාවාරම පිළිබඳව දිගින් දිගට ම ජනමාධ්‍ය මගින් පෙන්වාදීමත් සමඟ ලොකු ලුණු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී නරක් වී විනාශ කරන්නටද සිදුවීම විශේෂත්වයකි.

 කෙසේ වෙතත් මේ වන විට පාකිස්ථානය තුර්කිය ඉරානය  ඇතුළු රටවල් කීපයක විශාල වශයෙන් ලොකු ලූනු තොග මෙරටට ගෙන්වා තිබේ. ඒ  අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්ථානය ලංකාවේ ඉහළ ගිය ලොකු ලූනු මිල පහත දැමූ බවය.

වෙළඳ සල්වල පාකිස්තානයෙන් සහ තුර්කියෙන් ඉරානයෙන් ගෙන්වා ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කරන  අතර ඇතැම් වෙළෙන්දෝ එම ලුනුම රු 400 කට විකිනීමට උත්සහ දරමින් සිටිති

 ඉදිරියේදී තවත් කන්ටේනර් රැසක් වරායේ තිබෙන බවත් එම ලූණු තොග වෙළඳපළට ලැබීමත් සමඟ තවදුරටත් ලොකු ලූනු මිල පහත යනු ඇති බව ඔවුහු විශ්වාසය පළ කරති. අලූත් අවුරුදු සමය වන විට ඉන්දියාව තහනම ඉවත්කරන බවත් එසේ වූ විට දේශීය පාරිභෝගික ජනතාවට අඩු මුදලකට ලුණු මිලදී ගන්නට හැකිවනු ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ලොකු ලුණු තැරැව්කරුවන් අලෙවි කරන වෙළෙඳුන්ට දුරකථන ඇමතුම් ලබාදී අඩු මුදලට අලෙවි නොකොට ලොකු ලූනු කිලෝව රුපියල් 400 න් ඉහළ තබා ගන්නා ලෙස උපදෙස් ලබා දෙන බවද වෙළෙන්දන් සඳහන් කරන්නට විය

ොකෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට ෙසහන ලබා දීම සඳහා මෙන්ම ලූණු අලෙවිකරණ බොහෝ දෙනා රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කිරීම සිදුකරන බවද ව්‍යාපාරිකයෝ පවසති.

 



Recommended Articles