මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (19) වීදි සංචාරය කළේය .
ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව දරාගත් ඉන්දිරාජා හස්තියා සවස 6.57 ට යෙදුණ සුබ මොහුර්තියෙන් සඳගල පා තැබීමත් සමඟ අවසන් රන්දෝලි මහ පෙරහරේ සමාරම්භය සනිටුහන් වූ අතර ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා සහ කෝට්ටේ රජමහා විහාරයට අයත් කෝට්ටේ රාජා යන හස්තීන් ගමන් කළේය .
ඡායාරූප හා සටහන ෂේන් සෙනෙවිරත්න