ඉදල්ගස්හින්න සංචාරක කලාපය සංචාරකයන්ට තහනම් වෙයි


දේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් වන හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කදු ප්‍රදේශය අවදානම් කළාපයක් බැවින් එහි සංචාරය කිරීම හා රාත්‍රි කාලයේ කූඩාරම් ගැසීම සම්පුර්ණයෙන්ම තහනම්  කළාපයක් බවට පත්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කම්ටුවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.

ඉදල්ගස්හින්න තොටුපළ කදු ප්‍රදේශයේදි පළාත් කිහිපයක් දිස්වීම,ක්ෂණිකව දේශගුණය වෙනස්වීම,වැනි හේතුන් නිසා මෙම ප්‍රදේශය දේශීය විදේශීය සංචාරකයින්ගේ තෝතැන්නක් බවට පත්ව තිබේ. පසුගිය කාලයේ මෙම සංචාරක ප්‍රදේශයේ සිදුවු නීති විරෝධි ක්‍රියාවන් හා මාරාන්තික අනතුරු,රක්ෂිතය ගිනි තැබීම,නොදිරණ අපදව්‍ය දමා පරිසරය අපවිත්‍ර කිරීම වැනි ක්‍රියාවන්  නිසා එම ප්‍රදේශයේ සංචාරය හා රාත්‍රි කාලයේ කූඩාරම් ගැසීම පම්පුර්ණයෙන්ම තහනම් කළාපයක් බවට පත් කිරීමට දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කම්ටුව තීරණය කර තිබේ.

ප්‍රදේශවාසීන්ගේ ආර්ථික වාසි වෙනුවෙන් මෙම අවදානම් ප්‍රදේශය සංචාරකයින්ට විවෘත්ත කර තිබෙන බවත් එයින් සංචාරකයින්ට හා පරිසරයට හානි සිදු වන බවත් සභාපතිවරයා කියයි.දිනකට මෙම ප්‍රදේශයට පැමිණෙන දහස් ගණනක් වු දේශීය විදේශීය සංචාරකයින්ගෙන් ඇතැම් පිරිස්  පරිසරට ගිනී තැබීම,ගිනි මැළ ගැසීම,අපදව්‍ය පරිසරයට මුදාහැරීම ,නීති විරෝධී මත්පැන් සාධ පැවැත්වීම් සිදු කිරීම හා මාරාන්තික අනතුරුවලට ලක්වීම නිසා මෙම ප්‍රදේශය තහනම් කළාපයක් බවට පත් කර තිබේ.



Recommended Articles