ඉඩෝරය නිමා කරමින් උතුරට වර්ෂාව


මාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි වියළි කාලගුණය නිමා කරමින් මේ දින වල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමග විපතට පත් වැසියන් අස්වැසිල්ලකට පත්ව ඇත.

පසුගිය දින කිහිපය පුරාවට උතුරේ වවුනියාව, මන්නාරම්, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කයන්ට වර්ෂාපතනය ලැබූ අතර ඇතැම් දිස්ත්‍රික්කයන්ට ධාරාණිපාත වර්ෂාවන් ඇදහැලුනේ අධික සුළගක්ද සමගිනි.

උතුරට මේ දිනවල වර්ෂාව ඇද හැලුණද නියඟය හේතුවෙන් සිඳී ගිය වැව් වෙත තවමත් ජලය රැස් වී නොමැති අතර වර්ෂාව නොකඩවා ඇදහැලුනහොත් වැව් වලට ජලය රැස්වෙනු ඇති බවට උතුරේ ගොවීහු කියා සිටිති.

 



Recommended Articles