ඇල්ලේ අනතුරිකින් තිදෙනෙක් මරුට


ඇල්ල රාවණා ඇල්ල අසළදි අද උදේ වෑන් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.

බදුල්ල විදුලි බල මණ්ඩලයේ සේවය කරන විදුලි අධිකාරිවරුන් වන ඩබ්ලිව්.එම් සුබසිංහ,ටී ගමගේ උදය කුමාර යන දෙදෙනා සහ රියදුරෙකු අනතුරින් මිය ගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු විදුලි අධිකාරිවරුන් තිදෙනෙකු බදුල්ල සහ මොණරාගල රෝහලට ඇතුලත් කර තිබේ. මෙම පිරිස ඊයේ 21 දින රාත්‍රි ගාල්ල ප්‍රදේශයේ අවමංගල කටයුත්තක් සදහා සහභාගි වී නැවත බදුල්ලට පැමිණෙමින් සිටියදි අද උදේ 6.00ට පමණ අනතුර සිදුව තිබේ.

මාර්ගයෙන් වැන් රථය අඩ් 100ක පමණ දැඩ් බෑවුමකට පෙරලීන් පසු ප්‍රදේශවාසීන්,පොලිසිය සහ යුධ හමුදාව පැය දෙකක් තිස්සේ මහත් පරිශ්‍රමයක් දරා තුවාල කරුවන් සහ මිය ගිය අය ගොඩට ගෙන රෝහල් වෙත රුගෙන ගිය බව පොලිසිය කියයි. ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles