ඇල්ලට තල්ලුවකුත් අරන් බදුල්ලට ආපු පොඩිමැණිකේ


කොරෝනා වසංගතය නිසා මාස 6  පමණ කාලයක් නැවතුන කොළඹ- බදුල්ල දුම්රිය සේවය ඊයේ ආරම්භවූ අතර එම දුම්රියෙන් විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඊයේ (29) සවස ඇල්ල ට පැමිණියහ.

පොඩිමැණිකේ දුම්රියෙන් ඇල්ලට පැමිණි සංචාරකයන් ගණන 100  සීයක් බවත් ඔවුන් විවිධ රටවල සිට පැමිණි සංචාරකයන් බවත් ඇල්ල දුම්රිය ස්ථානයේ ප්‍රධාන  දුම්රිය ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක  මහතා පැවසීය.

ඇල්ලේ  ඇතැම් හෝටල්  සහ අවන්හල් මෙම සංචාරකයන්ගේ පිරී ගිය අතර අවන්හල්තුලදී ඔවුන් සතුටුවන ආකාරයද දක්නට ලැබිණ.

 

පලිත ආරියවංශ



Recommended Articles