ඇමෙරිකාවේ කෝටිපති ඉංජිනේරුවෙක් ලංකාවේදි පැවැදි දිවියට


ඇමරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රකට දානපති ඉංජිනේරුවකුවූ ජොහාන්ස් ලූඩෝස් මහතා කැලිෆෝනියාවේ සරණ හිමි නමින් කරන්දෙණිය ගලගොඩ ශෛලතලාරාමයේදී සසුන්ගත වූහ. ඒ ගලගොඩ ශෛලතලාරාමාධිපති කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙසය.

බුදු දහම ගැන දීර්ඝ අධ්‍යනයකින් පසු බුදු දහම පිළිබදව පැහැදී තමා මෙසේ සසුන් ගතවූ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැලිෆෝනියාවේ සරණ හිමියෝ කීහ.

තමා ගිහියෙකු ලෙස සිට වෘත්තීමය ඉංජිනේරුවකු ලෙස සේවය කරමින් හා ව්‍යාපාරිකයකු ලෙස සාර්ථකවෙමින් මේ වන විට මිලියන ගනන් මුදල් හරිහම්බ කරගෙන සිටින බවත් ඒ කිසිවකින් තමාට නොලැබූ සතුට බුදු දහමින් ලැබූ බවද සරණ හිමියෝ පැවසූහ.මෙහි සියලුම ගෞරවය සහ පිං සිය ගුරු හාමුදුරුවන් වන කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ට ලැබිය යුතු බවත් උන්වහන්සේ තමාට ගැඹුරු බුදු දහම ඉතා සරලව අවබෝධ කර දුන් බවද උන්වහන්සේ කීහ.

විදෙස් රටක පළමු පැවිදි ශිෂ්‍යා කැලිෆෝනියාවේ  සරණ හිමියන් බවත් උන්වහන්සේ ගිහි කළ ඇති තරම් ලෞකික සැප සම්පත් විද ඇති බවත් පැවසූ කුඩුමීරියේ සෝමිස්සර හිමියෝ දැනුණුද සරණ හිමියන්ට ලෝකයේ ඕනෑම රටකට යෑමට වීශා ඇති බවත් ඒ සදහා ගුවන් බලපතද නොමිලයේ ලැබෙන බවත් පැවසූහ.

ශාසනයට අලුතින් එකතුවූ කැලිෆෝනියාවේ  සරණ හිමියන් මේ රටට සරණක්වීම නොවැලැක්විය හැකි නිසාම උන්වහන්සේට සරණ යන නම තැබූ බවද සෝමිස්සර හිමියෝ වැඩිදුරටත් කීහ. 

 



Recommended Articles