යුද්ධයේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකු වශයෙන් මම ඔබේ වටිනා ජීවිතයේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම කරනවා යැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධයෙන් ආබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන් අමතමින් පැවසීය.
ඒ මහතා මෙම අදහස් ඵල කළේ ඊයේ (18දා) රත්මලාන අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමිනි.
මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය,යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා, යුද හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට මහතා, අඥාපති භඨකාර්ය සම්පාදන අණසක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝණ් මහතා , මිහිදු සෙත් මැදුරේ සේනාවිධායක කර්නල් ප්‍රියන්ත ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව සිටි අතර ශවේන්ද්‍ර මහතා මෙසේද පැවසීය.
එදා රණබිමේ දැක්වූ ඔබේ යුතුකම කැපවීම, විනය මෙන්ම දක්ෂතාවය නිසාම අදටත් එම විරුවන්ට සිය නිවසින් බැහැරව සුවතා නිකේතනයක ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බව ශවේන්ද්‍ර මහතා පැවසීය.
“විරුවන් රැකබලා ගැනීමට සහ ඔවුන් රට වෙනුවෙන් සිදුකළ මෙහෙය අගය කිරීමට අපට කළ හැකි උපරිමය කරන බව සඳහන් කල හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාවේ සියලුදෙනා සෑම විටම සිය ජනතාව සහ රට ආරක්ෂා කිරීම සඳහා සෑම විටම පෙරමුණ ගෙන සිටින බව ඔහු පැවසීය.
එය අතීතයේ ද එසේ වූ අතර මෑත කාලීනව මෙන්ම අනාගතයේද එය තවදුරටත් එසේ වනු ඇති බව සඳහන් කල හමුදාපති ශවේන්ද්‍ර මහතා එලෙසම, කවුරුත් නොහදුනන කොවිඩ්-19 වසංගතය හමුවේ ද ජනතාව ආරක්ෂා කිරීමට වීරෝදාර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැපවීමෙන් කටයුතු කළ අතර එය පාලනය කිරීමට ඔවුන් සමත් වු බවද පැවසීය.
පසුගිය කාලයේ ප්‍රචණ්ඩකාරි ප්‍රහාර හේතුවෙන් කැළඹුණු මහජනතාව පැය 24ක් ඇතුළත පොලිසියේ සහය ඇතිව රට තුළ ජාතියේ ආරක්ෂකයා ලෙස එම තත්ත්වය සමනය කිරීමට හැකි වු බව ඔහු පැවසීය.
ඉදිරියේදීත් රටේ සහ මහජනතාවගේ යහපත වෙනුවෙන් යුද හමුදාව එම කාර්යභාරය නොපසුබටව නිරන්තරයෙන් ඉටු කරනු බවත් සියලුම රණවිරුවන්ට . ඉක්මන් සුවය, නිදුක් නිරෝගී සුවය එක සිතින් ප්‍රාර්ථනා කරන ” යනුවෙන්ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මිහිඳු සෙත් මැදුරේදී රණවිරුවන් අමතමින් පැවසීය.
සියලුම නවීන වෛද්‍ය උපකරණයන්ගෙන් සමන්විත මෙම සුවතා නිකේතනයේ රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් 40 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඔවුන්ගේ ප්‍රතිකාර ඒකක වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කරගත්හ .
මෙම සංචාරයේදී, එම රණවිරුවන් ලද ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත ඇඳ ඇතිරිලි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත් රණවිරුවන් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක්විය.
එමෙන්ම මීට පෙර යුද හමුදාපතිවරුන් වීරෝදාර රණවිරුවන් සහ සියලුම නිලයන් වෙනුවෙන්, මේ අවස්ථාවේ තමා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර එමෙන්ම, සියලුම රණක්ෂිතයට පත්ව සිටින වීරෝදාර රණවිරුවන් ද ඔබ මෙන් නොවුණත්, ඔවුන් ද තවමත් මා මෙන් තුවාල කැළැල් සමඟ ජීවත් වෙන බවද හමුදාපතිවරයා සිහිපත් කලහ.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා