ආබාධිත රණවිරුවන් තවත් කොළඹ විරෝධයේ


ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (16දා) දින ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල පිරිස් කොළඹට කැඳ වූ බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්‍ෂක බළකා ආබාධිත රණවිරු හා දිවිපිදූ රණවිරු ඥාති සංසඳය සඳහන් කරයි.

ආබාධිත රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමේදී වැටුප නවතා දැමීම හේතුවෙන් ආබාධිත රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව එම සංගමයේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් මහතා පවසා සිටියේය.

මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවත්, එබැවින් මේ පිළිබඳ අද (15දා) දින මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.

ගැටලු විසඳා ගැනීමට පසුගිය 11 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ගිය බවත්, එහිදී කිසිදු විසඳුමක් නොලැබුණු බවත් නිශාන්ත මහිරාජ් මහතා පවසා සඳහන් කළේය.

එබැවින් ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළ බවත්, එය අද (15දා) දිනයේදීත් සාර්ථකව සිදුකළ බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඡායාරූප - ශමීර රාජපක්ෂ

 



Recommended Articles