පරිසර සංවිධාන, වනජීවි නිලධාරින් හා කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක කළමණාරණ හා විද්‍යා පිඨ සිසුන් පිරිසක් එක්වී අද (19දා) ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ කඩොලාන සිටුවිම ආරම්භ කෙරුණි.
අදාළ කඩොලාන සිටුවීම පසුගිය දිනක ඉස්සන් ටැංකි සැකසීමට ඩෝසර් කළ භුමියට ආසන්නයේ සිදුවීම විශේෂිත විය.
මෙම අවස්ථාවට වයඹ පරිසර හඩ සංවිධානය, අනවිළුන්දන් පත්තු පරිසර සංවිධානය, දැදුරු ඔය සුරකිමේ පරිසර සංවිධානය, ආනවිළුන්දාව වනජිවි කාර්යාලය, සමග කොළඹ කොල්ලුපිටියේ පිහිටි එම් .එස්.අයි .පුද්ගලික විශ්ව විද්‍යාලයේ කළමණාකරන හා විද්‍යා පිඨයේ සිසුන් පිරිසක් එක්වි තිබුනී.
මෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආනවිළුන්දාවේ කඩොලාන පැළ 25000 ක් සිටුවිමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ආරම්භ කළ බවයි.
හිරාන් ප්‍රියංකර/ඔගස්ටීන් ප්‍රනාන්දු