ආණ්ඩුව කම්කරු නීති වෙනස් කිරීමට යනවා - වසන්ත


හාම්පුතුන්ට වැඩ කරන, ජනතාවගේ ශ්‍රමය සූරාකෑමට හැකි වන ලෙසට කම්කරු නීති වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.

ආණ්ඩුව සිදුකරන සැලැසුම් ක්‍රියාත්මක වුවහොත් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් බොහොමයක් අහෝසි වී යන බවද එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මේ නිසා ආණ්ඩුවේ සැලැසුම පරාජයට පත් කරන බවත්, මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා ලක්ෂ විස්සක් රට පුරා බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔවුන් මෙහිදී කියා සිටියේය.

අත්පත්‍රිකා බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාවට අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වූ අතර එම අවස්ථාවට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. 

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles