අහසට පොලොව වගේ තිබෙන දඹුල්ලේ එළවළු සිල්ලර හා තොග මිල


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටෙද්දී  දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට මේ දිනවල වැඩි වශයෙන් එළවලු තොග ලැබුනද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වී තිබෙන බවත් වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවී ඇත්තේ එළවලු  පරිභෝජනය කරන ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දෙති.

එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටා ඇති එළවළු  සිල්ලර අලෙවි කරන වෙළදසැල් වල ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

සිල්ලර වෙළෙන්දන් කියා සිටින්නේ එළවලු අලවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසා මිල ඉහළ ඉහල යන බවය. 

අමු මිරිස් ,වම්බටු , තක්කාලි ,කැකිරි ආදී එළවලු  වර්ග බොහොමයක් රුපියල් දහයත් හතළිහත් අතර  මිල ගණන්  යටතේ අලවි වන බවත් බොහෝ දුරට අලවි  නොවී  දිනක් පසුවීමත් සමග විනාශ වන බව ගොවීන් පෙන්වා දෙති.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල සහ  පිටත සිල්වර වෙළඳසැල් වල එළවළු කිලෝක පැවති මිල ගණන් පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළෙමු  ඒ  අනුව මිල ගණන් පහත  දැක්වේ.

දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයේ කිලෝවක තොග මිල

තක්කාලි 20-40

වම්බටු    40-50

කැරට්    160 -180

බෝංචි     200-220

මාළු මිරිස්  140 -160

 අමුමිරිස්    50 -70

 කැකිරි     10-15

 පිපිඤ්ඤා  50 - 60

 වට්ටක්කා  40 - 60

මෑ  කරල්  50 - 60

ගෝවා    60- 70

ලීක්ස්    140 -160

දඹුල්ලේ සිල්ලර මිල

තක්කාලි  120

වම්බටු    180

කැරට්    350

බෝංචි     300

මාළු මිරිස්  380

අමුමිරිස්    300

කැකිරි     100

පිපිඤ්ඤා  200

වට්ටක්කා  160

මෑ  කරල්  180

ගෝවා   150

ලීක්ස්   280



Recommended Articles