අසාර්ථකවීම් මැද සාර්ථක වූ වී වගාවක්


කාබනික පොහොර යොදා ගෙන ඉතා සාර්ථක කුඹුරක් සිදු කළ අපූරු යුවළක් පිළිබඳ තොරතුරු මාතලේ  යටවත්ත  ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  මහවෙල නිකගොල්ල ගමෙන් අපට වාර්තා විය.

 නිකගොල්ල ප්‍රදේශයේ  පදිංචි සිසිර දිසානායක මහතා සහ ලලිතා පද්මිණී යන යුවල ඉතා   සාර්ථකව වී  වගාවක් සිදු කොට ඇති බව ප්‍රදේශයේ බොහෝ දෙනා කතාබහකට ලක්ව තිබිණි.

මේ වන විට කිරිවදින ගොයම ඉතාම අලංකාරව පැවතීම නිසා මෙම යුවල උදේ හවස ඒ දෙස බලමින් සිටින බවද බොහෝ ජනතාව තම වී වගාවේ  සාර්ථකත්වය දැක බලා ගැනීමට පැමිණෙමින් සිටින බවද සිසිර දිසානායක මහතා පැවසීය.

 මෙම කුඹුරේ සම්බා  වර්ගයේ වී  සිටුවා තිබෙන බවත් මේ සඳහා කාබනික පොහොරට  අමතරව පසුගිය කන්නයේ කුඹුරුවලින් කපා ඉවත් කරන පිදුරු යොදාගෙන මේ තත්ත්වය පත් කරගත් බවත් රසායනික පොහොරක් ලෙස රජයෙන් ලබාදෙන රතු කුඩු කිලෝ තුනක පමණ ප්‍රමාණයක් යෙදවූ බව ද අනෙක් සියල්ල තමන් කෘෂිකර්ම   දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි තනාගත් කාබනික පොහොර  රජයෙන් ලබාදුන් දියර පොගොර ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් යොදා ඇති බව සිසිර දිසානායක මහතා අප සමග පැවසීය.

ඔහුගේ සහයෝගය සඳහා සෙවනැල්ල මෙන් සිටින ලලිතා පද්මිණී මහත්මිය කියා සිටියේ තම සැමියා සමග එක්ව කාබනික පොහොර යොදා ගෙන මෙම වගාව සිදු කිරීම් සතුටක් බවය.

තමන්ගේ දුවා දරුවන්ගේ ඥාතීන්ගේ උදවු ඇතිව මෙහි ගොයම් පැළ සිටුවා ගැනීම සිදුකළ බවත් තමන් මෙය වගා කරන්නේ වී අලෙවි කිරීමට නොව දුවා දරුවන්ගේ ආහාරය පිණිස බවය.

 



Recommended Articles