මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.
අද දින මධ්‍යහ්නය වන විට මහනුවර නගරයේ ඇසල පෙරහැර ගමන් ගන්නා වීදී වල විශාල ලෙස දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව රැඳී සිටි අතර, වීදී සියල්ල ජනතාවගෙන් පිරී ඉතිරී තිබෙනු දක්නට ලැබිණී.
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර අද දින අද (11) පස්වරු හය පසුවී මිනිත්තු තිස්පහට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.
මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් පන්දහසක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යොදාවා ඇති ඇතර නරඹන්නන් සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව ඇතුලු රාජ්‍ය ආයතන විසින් සපයා ඇත.
ඇසළ පෙරහර නැරඹීමට පැමිණෙන පිරිස් සදහා විශේෂ බස් රථ සේවාවක් හා දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා ඇත.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්