ජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩ මවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යයයේ 56 වැනි ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී පැවැත්විණි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ශ්‍රී මහා බෝ මළුවෙහි තැන්පත් කර තිබු මහා සහල් පාත්‍රය පුරවනු ලැබුවේ, දිස්ත්‍රික් 25න් රැගෙන ආ සහල් පෙරහරින් එම ස්ථානය කරා රැගෙන ඒමෙන් පසුවය.
සුපුරුදු පරිදි ආදි වාසි නායක ඌරු වරිගේ වන්නිලැත්තන් විසින් මී පැණි පුජාව සිදුකල අතර රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර බණ්ඩාර මහතා විසින් ගිතෙල් පූජාව සිදු කළේය.
මෙහිදී ජනාධිපතිවරයාගේ වයසට සමාන කරලින් පිරි වී කරල් මිටියක් ද ගරු ජනාධිපතිතුමන් වෙත පිලිගැන්වීමද සිදු විය.
පිරිත් කරන ලද බිත්තර වී පලාත් නවය නියෝජනය කරන ගොවි මහත්තුන් වෙත පිරි නැමිම ද සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.