ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රාජපක්ෂවරුන්ට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව අඛණ්ඩව හය වැනි දිනටත් අද (14දා) ක්රියාත්මක වෙයි.
අලුත් අවුරුද්ද යෙදී තිබුණත් ඊයේ රාත්රියේ අරගල භූමියට විශාල ජනතාවක් එක්ව සිටින අයුරු දක්නට ලැබුණි. අද දිනයේදී සිංහල අලුත් අවුරුද්ද ගෝල්ෆේස් පිටියේ සිට සැමරීමට අරගලකරුවන් තීරණය කර තිබේ.
මේ අතර දිවයිනේ විවිධ ප්ර දේශවලින් ඔවුන්ට සහාය දක්වමින් අද දිනයේදී විශාල පිරිසක් ගෝල්ෆේස් පිටියට පැමිණීමට තීරණය කර තිබේ.