'සුරක්ෂිත රටක්' ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩසටහනට සමගාමීව දිවයින පුරාම නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ.
පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වැඩහන ක්රියාත්මක වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ පෙ.ව. 5.30 වන විට නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර පිරිසිදු කම පවත්වාගෙන යා යුතු බවයි.
මීට සමගාමීව අද පෙරවරුව වන විට කොළඹ නගරයේ බොහෝ මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගත හැකිවූ අතර පිරිසිදු කිරීමේ සේවකයන් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අයුරුද දක්නට ලැබුණි.
මෙසේ පිරිසිදු කරන පරිසරය ආරක්ෂා කර ගැනීමත්, එම පිරිසිදු කම පවත්වාගෙන යෑමත් පුරවැසියන් වන අප සියලු දෙනාගේම වගකීමක් වෙනු ඇත.
'සිස්ටම් වෙනසක්' ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් 'සිස්ටම් වෙනසක්' සිදුනොවෙනු ඇති අතර 'සිස්ටම් වෙනස්' කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.
ඡායාරූප ඉසුරු පෙරේරා