ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය.
අනුර කුමාර මහතා ඒ බව කියා සිටියේ යාපනයේ පෞද්ගලික හෝටලයක 25 දා සවස පැවති ජාතික ජනබලවේගයේ දිස්ත්‍රීක් සමලුවට සහභාගී වූ පිරිස් අමතමිනි.
මෙම සමළුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂ වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා, හිටපු පලාත්සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ඇතුලු යාපනය දිස්ත්‍රීක් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.
එහිදී රැස්ව සිටි පිරිස් ඇමතු අජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
‘අද අපේ රටේ ඇතිවෙලා තියෙන අසීරුම අඩිය ජනතාව විඳමින් ඉන්නේ. මේක ස්වභාවික ව්‍යසනයක් නෙමෙයි. මේ නරක පාලනය විසින් ඇති කරපු තත්වයක්. අද අපි අපේ දරුවන් ඇස් ඉදිරිපිට මිය යන අවධානමක අපි ඉන්නවා. තෙල් ආනයනය මුලුමනින්ම ඇණහිටල තියෙන්නේ. ඉන්ධන ඇමතිවරයා 23 මෙරටට එනව කියල කියපු පෙට්ට්‍රල් ඩීසල් නැව මේ වෙනකොට ඒ තෙල් නැව ඉන්දියාව දෙසට ගිහින් තියෙනවා.
ඇමරිකාවේ බැංකුවක් ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාවේ නඩුවක් දාලා තියනවා. ආණ්ඩුව කියනවා ණය ගෙවන්නැහැ කියල. නඩුව ගොනුකරල තියන අය සඳහන් කරල තියනවා රාජපක්ෂ පවුල මහජනතාවගේ ධනය විශාල ලෙසින් හොරකම් කර ඇති බවත් ඒවා බදු සහන දෙන රටවල සඟවා ඇති බවටත්, මේ නිසා මේ නඩුව ගැන සමහර ආර්ථික විශේෂඥයින් සඳහන් කරල තියෙන්නේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට එල්ල වූ පරමානු බෝම්බය හා සමානයි කියලා. ඒ නිසා මුලු රටම, ආර්ථිකයම කඩාවැටිලා තියෙන්නේ.”