අධිවේගයේ රාජකාරී ආවරණයට හමුදාව කැඳවයි


අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද  (22) එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරිණි

අද පෙරවරු 7 සිට  මුදල් අයකැමි වරුන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් එම කටයුතු හමුදා නිලධාරින් සිය භාරයට ගැනුනු අතර  පැය භාගයක පමණ කාලයක් මූලික කටයුතු සිදුකර ගන්නා තෙක් අධිවේගී මාර්ගයේ ගමන් කරන පාරිභෝගිකයන් වෙත  නොමිලේ යාම සඳහා පහසුකම් හිමිවිය.

අනතුරුව හමුදා සෙබළුන් විසින් අධිවේගී මාර්ගයට ඇතුළු වෙන වාහන වලට පිවිසුම සඳහන් කර තාවකාලික රිසිට් පතක් නිකුත් කළ අතර පිටවන ප්‍රදේශයේ දී එය පරීක්ෂාකර බලා මුදල් අය කර ගැනීම ද සිදු කෙරිණි.

2022 වසර සඳහා  අසනීප නිවාඩු සඳහා මෙතෙක් මුදල් ගෙවීමක් නොකර මාර්ග සංවර්ධන අධිකාරියට පමණක් කුඩම්මාගේ සැලකිලි දැක්වීම, අධිවේගී මාර්ගය ආරම්භ කර වසර 12 ක් ගතවී  ඇතත් මෙතෙක් අනුමත කිරීමට නොහැකි වී ඇති බඳවා ගැනීමේ පටිපාටිය හේතුවෙන් සියලුම සේවක කොටස්වලට හිමිවිය යුතුව තිබු ශ්‍රේණි උසස්වීම්,  උසස්වීම් තනතුරු මෙතෙක් නොලැබී යාමෙන් මතු වී ඇති  ගැටලු හා සිදුවි ඇති අසාධාරණයට විරෝධය පලකිරිම  ආදී කරුණු මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  ආරම්භ කෙරිණි

යුදහමුදාව පොලිසියට ද  ආරක්ෂාව  සඳහා යොදවා තිබෙන අයුරු දක්නට ලැබිණි



Recommended Articles