තවලම හා නෙළුවට සුළු ගංවතුර තත්ත්වයක්
ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගගේ තවලම ජල මාපකයේ ජල මට්ටම මිටර් 6.08 දක්වා වැඩිවිමත් සමග තවලම නෙළුව ආදි ප්‍රදේශවල සුළු ගංවතුර .තත්වයක් නිර්මානය වි ඇති බැව් ගිංගග වාරිමාර්ගඉංජිනේරු කාර්යාලය පවසයි.
අද (04) උදෑසන 09 පමණ වනවිට ගිංගගේ තවලම ජල මාපකයේ ජල මට්ටම මිටර් 6.08ක් සටහන්ව පැවතිය බවත් එය ගංගාවේ පිටාර මට්ටම බවත් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
මෙම තත්වයත් සමග තවලම නෙළුව ආදි ප්‍රදේශවල පහත්බිම් හා මාර්ග ජලයෙන් යටවි ඇත.
ගාල්ල නෙළුව ප්‍රධාන මාර්ගයේ මහාබෝධිවත්ත ප්‍රදේශය ජලයෙන් යටවි ඇති අතර මෙම තත්වය නිසා ගමනා ගමනය ඇණහිටි ඇත. හිනිදුම තවලම, නෙළුව ආදි ප්‍රදේශවල අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටවි ඇත.
මේ අතර ගිංගග පහළ නිම්නයට අයත් බද්දේගම ජල මාපකයේ ජල මට්ටම ද මිටර් 3.57 දක්වා වැඩි වි ඇති බවද ගිංගග වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි. බද්දේගම ජලමාපකයේ ජල මට්ටම මිටර් 4 දක්වා වැඩි වුවහොත් එය සුළු ගංවතුර තත්වයක් බවද වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
ධාරාණිපාත වර්ෂවාත් සමග නෙළුව තවලම ආදි ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් නිර්මානය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා පවසයි.
සුළු ගංවතුර තත්වය නිසා එම ප්‍රදේශවල මාර්ග අවහිර වි ඇති සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා නාගොඩ ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දි ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර හොළුවාගොඩ ඇළ පිටාර ගැලිම නිසා ඕපාත නයිදුව යායේ හා හොළුවාගොඩ යන ප්‍රදේශවල පැළ ගොයම් ජලයෙන් යටවි ඇති බව එම ප්‍රදේශවල ගොවිහු පවසති.
ගම්පහ වේයන්ගොඩ පහත් බිම් යටවෙයි
දීඇල් ඔය සහ අත්තනගලු ඔය උතුරා පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ නගරය ආසන්නයේ ගම්මාන රැසක පවුල් තුන් 400ක පමණ පිරිසක් අවතැන්ව සිටී.
මෙසේ අවතැන්ව සිටින ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කර දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු බෝට්ටු යොදා ගෙන එම ප්‍රදේශයේ සංචාරය කරමින් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගනු ලැබීය.
ගම්පහ කොට්ඨාස බව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ කේ ඉන්දික ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත මෙම කටයුතු සංවිධානය කර තිබිණි.
දහවල් වන විට වේයන්ගොඩ නගරයේ ආසන්නයේ ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග ගණනාවක් ජලයෙන් යට වී ගමනාගමනයට බාධා පැමිණ තිබිණි
වෙයන්ගොඩ නගරය ආසන්නයේ ම තල්ගස්මොටේ මැදවත්ත කොටසේ නිවසක් කඩා වැටීමෙන් එහි දිවි ගෙවූ පුද්ගලයා අවතැන් ව සිටි අතර ඔහු දිවි බේරා ගෙන තිබුණේ අනූනවයෙනි.
මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි