අද (09) අලුයම් කාලයේ මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ වාහන අංගනය අසල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රාශියක් ජලයෙන් යට වී තිබෙන අයුරු දැකගත හැකි විය .
එම ප්‍රදේශය නවතා තිබූ ත්‍රීරෝද රථ ඇතුළු ව්‍යාපාරික ස්ථාන අඩි තුනක් පමණ ජලය යටවී තිබූ අතර ඒ ව්‍යාපාරිකයන් පවසන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදී ද මේ ආකාරයෙන් තම ව්‍යාපාරික ස්ථාන වර්ෂා ජලයෙන් වූ බවත් ඒ සම්බන්ධයෙන් නගරසභා බලධාරීන්ට අවස්ථා කීපයකදීම පැමිණිලි කළත් මෙතෙක් ඊට විසඳුම් නොලැබී ඇති බවද ඔවුහු පවසති .