අද මහා උරුලෑව බුදුන් දවසේ උරුවෙල් දනව්වයි කීමෙන් ගැටලුවක්


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගලප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ පිහිටා ඇති මහඋරුලෑවා  ගම්මානයේ  අක්කර  13 පමණ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන ගම්මුන්ට එම ප්‍රදේශයේ  ගමන් කිරීම් පවා තහනම් කිරීමේ සිද්ධියකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාසාසනාරක්ෂක බලමණ්ඩල  ස්වාමීන් වහන්සේලා දැඩි විරෝධය පළකරති.

අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල  මණ්ඩල නියෝජනය කරන  මහා  සංඝරත්නය ප්‍රදේශවාසීන් මෙන්ම වගකිවයුතු රාජ්‍ය  නිලධාරීන් මෙම ස්ථානයට ඊයේ (06දා) දින පැමිණ චෝදනා කර සිටියේ මෙරට සහ විදේශ රටවල සිට පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් විශාල මිල මුදල් ලබාදී  පුරාවිද්‍යා භුමි ආසන්නයේ කුඩා ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන රාජ්‍ය ආයතන සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වල ඉහල නිලධාරීන්ගේ දායකත්වය ඇතිව විශාල ඉඩම් භූමි වටකර කම්බි ගසා ආරක්ෂක නිලධාරීන් යොදා එහි විවිධ ඉදිකිරීම් සිදුකරන බවය.

බුදුරජාණන් වහන්සේ මෙරට උපන් බව ලොව පුරා පතුරුවා හරින මෙම  කණ්ඩායම  පලාගල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස පිහිටා ඇති මහා උරුලෑව ඓතිහාසික  ප්‍රදේශ්ය  බුදුන් වැඩසිටි සමයේ පවතී  උරුවෙල් දනව්ව මෙය බව සනාථ කිරීම් සඳහා උත්සාහ දරන බව ය.

 එමෙන්ම මෙම සංවිධානයේ කණ්ඩායම මීට පෙර හබරණ හිරිවඩුන්න, ගලේවෙල බුදුගේහින්න ,මහනුවර ප්‍රදේශයේ ඓතිහාසික ස්ථාන රැසක ඉඩකඩම් මිලදී ගෙන මේ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ මෙරට උපන් බව ප්‍රකාශ කරමින්  බෞද්ධයන් අතර බරපතල ප්‍රශ්න ගැටලු මතු කරමින් සිටින බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරන මහ සඟරුවන මෙහිදී චෝදනා කරන්නට වූහ.

 මහ සඟ රුවන මෙන්ම රාජ්‍ය  නිලධාරීන් එම ස්ථානයට ගොස් සිටියදී ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ මෙම මතය පතුරුවා හරින කණ්ඩායම් මහා උරුලෑව පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණ කටයුතු සඳහා බව පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාමය සඳහන් ලිපි අතැතිව සිටින බවය.

එමෙන්ම ජනාධිපති කාර්යාලයේ ලිපි යොදාගෙන මෙම ප්‍රදේශය උද්‍යානයක් බවට පත් කිරීමේ කටයුත්තක නිරත වන බවද වසර  ගණනාවක් තිස්සේ  ප්‍රදේශවාසීන් ගොවිතැන්බත් කළ ඇළවේලි ඉඩකඩම් වැව් අමුණු සියල්ල වසා දමා ගම්මුන්ට එම ප්‍රදේශ වලට ඇතුළු වීමට ඉඩ ලබා නොදී යුද හමුදාවෙන් විශ්‍රාම ගිය වෙනමම ආරක්ෂක කණ්ඩායමක් මෙම ඉඩම් වලට  යොදා සිටින බව පෙන්වා දුන්හ

 මෙම අවස්ථාවට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ග්‍රාම නිලධාරීන් පොලිස් නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන් රැසක් පැමිණ සිටියද එහි කිසිදු අයෙකුට එම ඉඩමට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බව ද ගම්මුන් සඳහන් කර  සිටියහ .පසුව මහා සංඝරත්නය එම ඉඩමට වැඩම කොට එහි රැඳී සිටි ආරක්ෂක නිලධාරීන් ගෙන් විවිධාකාරයෙන්  ප්‍රශ්න  කරන්නට වූහ .එහෙත් එහි ආරක්ෂක නිලධාරියාීන් කිසිදු තොරතුරක් ලබා නොදෙන බව දැඩිව මහා  සංඝරත්නය වෙත පැවසූහ.එහිදී උණුසුම් තත්වයක්ද ඇතිවිය .

 අනුරාධපුර දිස්ත්‍රික්  ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා එහි පැවති ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීම්ක් එහිදී සිදු කරමින් පසුව කියා සිටියේ මෙරට බෞද්ධයන් අතර භික්ෂූන් අතර බරපතළ ගැටුමක් ඇති කිරීමේ උත්සාහයක මෙම පිරිස් නිරත වන නිසා වහාම රජයේ මැදිහත් වී මෙම කණ්ඩායම පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක් ලබා නොගතහොත් ඉදිරියේදී බරපතලළ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව ය

 බුදුරජාණන් වහන්සේ මෙරට උපන් බවට ප්‍රචාරය කරමින් මෙම ස්ථානයද මහා උරුලෑව උරුවෙල් දනව්ව නමින් නම් කරමින්  මේ  ප්‍රදේශයට ගමේ නම පවා ඉවත් කිරීමේ බරපතල ප්‍රශ්න ඇතිකරන  බව උන්වහන්සේලා පැවසූහ.

 එමෙන්ම මහා උරුලෑව ගම්මානයේ ජනතාව කියා සිටියේ තම ගම්මානයේ ජනතාව  පත්වේ ඇති මෙම පීඩාකාරී තත්ත්වය සහ මෙම සංවිධානය පිළිබඳව වහාම රජයේ මැදිහත්ව සොයා බැලීමක් සිදු නොකළහොත් ගම්මුන් සහ මෙම පිරිස් අතර  ගැටුම්කාරී තත්ත්වය උදා වීම වැළැක්වීමට නොහැකි බවය.

 



Recommended Articles