මාස ගණනාවක් තිරප්පනේ ප්රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහා රැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්රදේශවාසීහු කියති.
එහි ආසන්නතම සිදුවීමක් ලෙස ඊයේ (09දා) උදෑසන කණුමුල්ලේගම වැවට මෙම අලියා පැමිණ අග්බෝ ඇතා රැගෙන යෑමට උත්සාහ දරා ඇති අතර පසුව අග්බෝ ඇතා වැවේ සිටියදී එම අලියා පමණක් නැවත කැලයට ගොස් තිබේ.
මාස ගණනාවක් වම් පාදයේ ආබාධයක් නිසා රෝගාතුරව සිටි අග්බෝ ඇතා, තුවාල සුවවීමෙන් පසු තිරප්පනේ, ඇතුන්ගම ඇතුළු ප්රදේශ කිහිපයකම සැරිසරමින් ආහාර ගනිමින් ජීවත්වීමට පුරුදුව සිටියි.
රෝගාතුරවීමට පෙර සිටි අලි රංචුවේ අලියෙකු පසුගිය දිනවල වරින්වර අග්බෝ ඇතා සිටින තැන්වලට පැමිණි බවත්, අග්බෝගේ රෝගී තත්ත්වය හා ආහාර සපයාදීමට බාධාවක් වූ නිසා එම අලියා කැලයට පන්නා දැමූ බවත්වනජීවී නිලධාරී කාර්යාලය පැවසීය.
කෙසේවෙතත් යළි අග්බෝ ඇතා කැලයට රැගෙන යාම සඳහා මෙම අලියා විටින්විට අග්බෝ සිටින තැන්වලට පැමිණීමට ඉඩ ඇතැයිද වනජීවී කාර්යාලය පවසයි.
තිරප්පනේ සමන් කේ. ගමගේ