අකුරණ නගරය ජලයෙන් යට වෙයි


මධ්‍යම කඳුකරයේ බොහෝ  ප්‍රදේශවලට පසුගිය  17 වනදා සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය  හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා  යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ බොහෝ ප්‍රදේශ 17 වනදා රාත්‍රියේ    ජලයෙන්  යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය  නැවතී ගියේය.

නගරය ජලයෙන් යට වීම නිසා ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර  ගංවතුර පවතිද්දීත් ධාවනය කිරිම උත්සාහ කළ බස් රථයක් සහ ලොරි රථයක් ගංවතුරට හසුව සිර වී තිබූ අතර බස් රථයේ සිටි පිරිස්  ආරක්ෂිතව බේරා ගනු ලැබූහ.‍අකුරණ නගරය ආසන්නයේ පිහිටි නිවාස කිහිපයක්ද ජලයෙන් යටව ඇති අතර නිවසේ තිබූ භාණ්ඩ සියල්ල ජලයෙන් විනාශ වී තිබිණ.

මාසයක් වැනි කාලයක් තුල අකුරණ නගැය ජලයෙන් යටව ඇති පස් වන අවස්ථාව මෙයයි. රාත්‍රී 7.15 වනතුරුත් නගරය ජලයෙන් යටව පවතින අතර  ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී තිබිණ.

මොහොමඩ් ආශික්

නගරය ජලයෙන් යට ව තිබු අයුරු 



Recommended Articles