තුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ඉල්ලා සහ පහ වසරේ ඉගෙන ගන්න සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් දෙන්නැයි ඉල්ලා හඬා වැටෙන පහ වසරේ සිසුවියක් පිළිබඳව සංවේදී පුවතක් අද (06) දින දහවල් ඇළහැර බකමූණ මහා විද්‍යාලයෙන් හමුවිය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ ඇළහැර විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ දුවාදරුවන් ටකරන් කැබලි සෙවිලිකළ ඉටිරෙදි වලින් ආවරණය කළ මඩුවක අධ්‍යාපනය ලබන බව දෙමවුපියෝ පවසති.
වසර හතළිහකට වැඩි කාලයක සිට කිසිදු සංවර්ධන කාර්යයක් නොමැති විම නිසා ගොඩනැගිලි අබලන්ව ගුරුවරු අහිමිව විදුහල්පති කෙනෙක් නොමැතිව ඉතා අපහසුතා මධ්‍යයේ දරුවන් අධ්‍යාපනය ලබන මෙම පාසල පිළිබඳව දෙමවුපියන් වීසින් දැනුම් දිමත් සමග අද දින දහවල් එම විද්‍යාලයට ගිය අවස්ථාවේදීයි මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දැරියක් දැඩි සංවේදීව හඬා වැටෙමින් තම විද්‍යාලයට සිදුව ඇති විපත පිළිබඳව සඳහන් කළාය.
පසුගිය දිනවල ඇඳහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙම විද්‍යාලයේ අබලන්ව ඇති ගොඩනැගිලි උල්දිය දැමීම හේතුවෙන් පන්තිකාමර රැසක් ජලයෙන් පිරි ගොස් පවතින බවත් නිරන්තරයෙන් ජලය ඉවත් කරමින් සිටින බවත් දෙමවුපියෝ පවසති. පහ වසර පන්තියේ පැවැත්වෙන කාමරයේ බිත්ති අතරින් විශාල වශයෙන් උල්දිය මතුවීම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා දෙමවුපියන් විසින් වීද්‍යාලය පිටුපස කැලෑබදව ස්ථානයක තිබුණු නැටුම් ඉගැන්වීම සඳහා වූ ස්ථානය ඔවුන්ගේ පංති කාමරය බවට පත් කොට ඇත්තේ ඉටිරෙදි වට කරමිනි.
මෙම පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදු කරද්දී සහ දරුවන් පාසලෙන් පන්තියෙන් ඉවත්ව යන අවස්ථාවන්හිදී රිලවුන් රංචුවක් විසින් දරුවන්ගේ ආහාර බෑග් කෑම පෙට්ටි ටික පොත් පත් රැගෙන යන බවද වර්ෂාව ඇති අවස්ථාවන් හිදී සුළං පොදට තෙමෙන බව දුවාදරුවන් හඬා වැටෙමින් කියන්නට වූහ.
මෙම දරුවන් තම විවේකයක් ලැබුණු විට තම පන්ති කාමරයේ වතුරේ පොත් වල කොළ ඉරා බෝට්ටු පදවන බවටද තොරතුරු අනාවරණය විය.
ඇලහැර විද්‍යාලයේ විදුහල්පති කෙනෙක් නොමැතිව කාලයක් ගතව තිබෙන බවත් ඒ අනුව නියෝජ්‍ය විදුහල්පති කඹරව විජිත රතන හිමියන් වැඩ බලන විදුහල්පති තනතුරු හොඹවන බව උන්වහන්සේ ද කියා සිටියහ .
වසර ගණනාවක සිට පවතින අඩුපාඩු පිළිබඳව බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට අවධානය යොමු නොවුණු නිසා දරුවන්ගේ ආරක්ෂාවට මෙයාකාරයෙන් තාවකාලිකව මඩුවක ඉගැන්විම් කටයුතු සිදු කරන බව උන්වහන්සේ පැවසුහ .
ඇලහැර විද්‍යාලයේ දුවා දරුවන් දෙමවුපියන් මෙන්ම ගුරු භවතුන් ද පෙන්වා දී සිටියේ පවතින ගොඩනැගිලි වසර ගණනාවකට ඉහත දි ඉදිකළ ඒවා බවය. එමෙන්ම මීට පෙර එක් ගොඩනැගිල්ලක වහලයක් කඩාවැටී විද්‍යාලයේ සිසුවියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳවද පහ වසර පන්ති භාර ගුරුතුමිය දරුවන් ඉදිරියේ ම ප්‍රකාශ කළාය.
ගුරුවරුන්ගේ නේවාසිකාගාරයේ වහලය ද දිරාපත් වි කඩා වැටීමට ඔන්න මෙන්න තත්ත්වයේ පවතින බව දෙමවුපියන් පෙන්වා දිම විශේෂත්වයකි.
විද්‍යාලයේ දරුවන් පන්සියයකට වඩා වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන බවත් එහි සංගීත කාමරය ක්‍රීඩා කාමරය නැටුම් කාමරය ආදී සියල්ල වැසි දිනයන්හිදී පමණක් නොව උල්දිය හේතුවෙන් තනිකරම ජලයෙන් පිරි ඉතිරී යන බවද සිසු, සිසුවියන් පෙන්වා දුන්හ.
ඇළහැර බකමූණ විද්‍යාලය පිහිටා ඇත්තේ මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් කිහිපයක් ආසන්නයේය .මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණ කටයුතු සඳහා ජනාධිපති ආරක්ෂක අංශ පැමිණෙද්දී තම විද්‍යාලයේ ගොඩනැගිලි ඔවුන්ගේ නවාතැන් බවට පත්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිරන්තරයෙන් එම විද්‍යාලයේ රැස්වීම සදහා පැමිණ ඇති බවද මේ සියල්ල පැමිණෙන සෑම අවස්ථාවකම දැන්වූ බවත් දෙමවුපියෝ පවසති .
ඇළහැර විද්‍යාලයේ ඇති අඩුපාඩු පිළිබඳව වර්තමාන ජනපතිවරයාගේ හා අධ්‍යාපන ඇමතිවරයාගේ අවධාරණය යොමු කරන ලෙසත් විශේෂයෙන් මෙම දරුවන්ට අධ්‍යාපනය කටයුතු සිදුකිරීම සඳහා කඩිනමින් කාමරයක් තනා දෙන්නැයි දෙමවුපියෝ ඉල්ලා සිටිති.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස