ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝට්ටුවෙන් පාර්ලිමේන්තු ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කිරීමට උත්සාහ කරන පිරිස් සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ කොන්ත්‍රාත්තුවක් බව පළාත් සභා පළාත් පාලන අමාත්‍ය නීතිඥ පයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන අය පක්ෂය තුළ විනය ක්‍රියාමාර්ග තිබෙන බවට දැනගත යුතු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ කිසිවෙකුටත් දේශපාලන අනාගතයක් නොතිබූ බව සියලුම දෙනාම මතක තබාගත යුතු බවත් ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෝට්ටුවෙන් පාර්ලිමේන්තු ගිය සියලුම දෙනාම ගොඩයෑමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෝට්ටුවෙන්ම ගමන් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් කිසිවෙකුටත් ඉදිරි දේශපාලන ගමනක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
ඊයේ (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.