JR ජයවර්ධන ජන්මදින සැමරුමක් ජපානයේදී


ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්මදිනය වෙනුවෙන් වූ විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණි.

ටෝකියෝ නුවර හචිඕජි නගරයේ සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල පිහිටි ජයවර්ධන මහතාගේ පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වීම හා ඔහුගේ ගුණකථනයන්ගෙන් එම උත්සවය අලංකාරවත් විය.

1951 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී එතුමා විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශයක් ජපන් ආර්ථිකයේ ඉදිරි ගමන්මග යහපත් අතට හැරවීමට සමත් විය. එම සිදුවීමත් සමග ජපානය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක්ද ගොඩනැඟුණි.මෙම ඓතිහාසික සිදුවීම පිළිබව ජපානයේ වත්මන් තරුණ පරපුර දැනුවත් කිරීමද මෙම උත්සවයේ අරමුණක් විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා විසින් ජපන් බසින් විශේෂ දේශනයක් සිදුකිරීමද කැපී පෙනුණි.එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවේ සම සභාපතිවරුන් වන සචිත් ලියනගේ, චන්දන වික්‍රමසිංහ සහ ලේකම් රුවන් වීරසිංහ ප්‍රමුඛ සාමාජිකයන් ඇතුළු ජපානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදුකරන ලදී.

1 2 3 4 5 7



Recommended Articles