get set go


දයාසිරි ඇමතිතුමා විශ්වාසභංගයේ දී හිටියේ ආණ්ඩුවට විරුද්ධ පිළේ. විශ්වාසභංගය පැරදුනා කියලා ආණ්ඩුවෙන් යන්නේ නෑ කියලයි ඊයේ රාත්‍රිය වනතුරු ඔහු සහ පිරිස කිව්වෙ. රවි කරුණානායක මන්ත්‍රීතුමා ආණ්ඩුවට විරුද්ධ වෙනවා කියලා කතා පැතිරුණාට ඔහු පක්ෂ වුණා. ෆවුසි මන්ත්‍රීතුමා ඡන්දෙ දෙන්න ආවෙ නෑ. මේ තුන්දෙනාම ඊයේ මුණගැහුණා සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ ධාවන පථය විවෘත කළ අවස්ථාවේදී. දයාසිරි ඇමතිතුමා පිස්තෝලයෙන් ආරම්භක සංඥාව දෙනකොට රවි සහ ෆවුසි නම් කියනවා ඇත්තේ 'දයාසිරි GO' කියලයි. ඒත් දයාසිරි පිස්තෝලෙ ගත්තේ 'සමනලුන්ට වෙඩිතියන්න' ද කියල කවුද දන්නෙ.

520A6508

 



Recommended Articles