TNA හා JVP හමුව පැවැත්වෙයි


ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග අද (11දා) සාකච්ඡාව පැවැත්වීය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීය.

විධායක ජනපතිධුරය අහෝසි කිරිම පිළිබඳව මිට පෙර ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා පැවැත්වීය. ඉදිරියේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් සමගද ඔවුන් සාකච්ඡා පැවැත්විමට නියමිතය.

 



Recommended Articles