විදුලි වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ පිලිබඳව තොරතුරු ලබා දීම සහ තිරසාර ප්‍රවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය විදුලි වාහන දෙසට නැඹුරු කිරීමේ අරමුණ ඇතුව E shift Concept center කොළඹදී අද (11) විවෘත විය.
සිටිසන් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (CDB) සමාගම විසින් තිරසාර ප්‍රවාහන සේවා විසඳුම්හි ඉදිරි පියවරක් වශයෙන් E shift Concept center දියත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා CodeGen International පුද්ගලික සමාගම අතර සහයෝගීතා ගිවිසුමක් ද අත්සන් කෙරිණි.
තවද ශ්‍රී ලංකව තුල මේ වනවිට ත්‍රිරෝද රථ මිලියනයකට වඩා වැඩි ගණනක් ධාවනය වන අතර මෙම ත්‍රිරෝද රථ විදුලි රථ බවට පරිවර්ථනය කිරීමටද දෙපාර්ශවය බලාපොරාත්තු වෙයි.
කොලඹ 07 ග්‍රීන් පාත් හී අද විවෘත වූ මෙම මධ්‍යස්ථානය තුල අති නවීන විදුලි වාහන ආරෝපණය කිරීම මෙන්ම සාමාන්‍ය වාහන විදුලි වාහන බවට පරිවර්ථනය කිරීමටද අවස්ථාව සැලසෙන පූර්ණ පහසුකම් පද්ධතියක් ද නිර්මාණය කර තිබේ.
එමෙන්ම සූර්ය බල ශක්තිය මගින් පණ ගැන්වෙන මෙම මධ්‍යස්ථානය තුළ වාහන පරිවර්ථනය කිරීමේ අංගන දෙකක් සහ ආරෝපිත ස්ථාන 07කින් සමන්විත වන අතර එ් අතරින් ආරෝපණ ස්ථාන දෙකක් ත්‍රිරෝද රථ සඳහාම වෙන් කර තිබීමද විශේෂත්වයකි.
- තිසර ගංගාදර