CHINA SLK - CHINA SW ලෙස වෙනස්වීමට හේතු තානාපති කාර්යාලය කියයි


මිරිජිජවිල ඉදිකර ඇති මෙන්ම ගූගල් සිතියම හරහා බැලීමේදී CHINA SW යනුවෙන් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එම ගොඩනැගිලි සංකීර්ණය හම්බන්තොට වරාය ගොඩනැගීමේදී CHEC සමාගම විසින් ඉදිකළේ CHINA SLK යනුවෙන් බව ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG) හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගම් (HIPS) එම ගොඩනැගිලි සංකීර්ණය වෙත ගිය බවත් පසුව එය නේවාසික කඳවුරක් ලෙස භාවිත කළ බවත් තානාපති කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුතු වේගයෙන් වර්ධනය වීමත් සමග එම ගොඩනැගිලි සංකීර්ණය පුළුල් කිරිමට සිදුවූ බවද තානාපති කාර්යාලය පවසයි.

එය සංවර්ධනයේ හා ආදරයේ කථාවක් බවත් හම්බන්තොට වරායට සුබ පතන බවත් තානාපති කාර්යාලය නිවේදනය කරයි.

වෙනස් කිරීමට පෙර ගොඩනැගිලි සංකීර්ණය පෙනුන අයුරු

වර්තමානයේදී ගොඩනැගිලි සංකීර්ණය පෙනෙන අයුරු



Recommended Articles