විදෙස් සංචාරකයින් 481 දෙනෙකු රැගත් AZAMARA QUEST මගී නෞකාව අද (05දා) හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දු විය.
මෙම නෞකාව ගෝලීය කෝවිඩ් රෝග තත්ත්වයෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට සංචාරක මගීන් රැගෙන පැමිණි දෙවන නෞකාව වේ.
හම්බන්තොට වරායට පැමිණි සංචාරක මගී නෞකාවෙන් ගොඩ බසින විදෙස් සංචාරකයින් යාල ජාතික උද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවන, සංචාරක හෝටල් කිහිපයකට පිටත්ව ගියහ.
හම්බන්තොට ජාතයයන්තර වරාය පහසුකම් අතින් හොඳ බවද සංචාරකයින් රැගත් පැමිණි නෞකාව කපිතාන් Johannes tysse කීය.
හම්බන්තොට ජාතයයන්තර වරායට පමිණි සංචාරකයින් යාල , උඩවලව, ඇතුළු ප්‍ර දේශ කිහිපයකට සංචාරක කටයුතු සඳහා රැගෙන යෑම සිදු කරන බව සංචාරක මඟ පෙන්වන නිළධාරී ජයන්ත විජේතුංග මහතා පැවසීය.
නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ සිට අද රාත්‍රී ඉන්දුනීසියාවේ සබාන් වරාය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.