බසයක් පෙරළී 30ක් රෝහලේ


අරණායක පෞද්ගලික මගී බස් රථයක්  අද (21දා) පෙරවරුවේ පෙරළීයාමෙන් තුවාල ලැබූ පාසල් ළමුන් ඇතුලූ 30 දෙනෙකු පමණ අරණායක දිසා රෝහලට සහ මාවනැල්ල මුලික රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව අරණායක පොලිසිය කියයි.

අද උදෑසන 6.45 ට පමණ හෙම්මාතගම සිට ගමන් ආරම්භ කර ඇති බස් රථය හෙම්මාතගම සිට දිප්පිටිය නගරය දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත. බස් රථය බකුල්වල ප‍්‍රදේශයේ දි වෙල්යායකට පෙරළි ගිය මොහොතේ එහි මගීන් 40 ක් පමණ සිටි බව බස් රථයේ ගමන් කොට තුවාල ලබා සිටින පුද්ගලයෙකු අපට කීවේය.

මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර

 


Recommended Articles