සාර්ථකව 5 වන වරටත් ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘චීන - චිත‍්‍රපට උළෙල’ ජනවාරි 22 වන දින සවස 6.00 ට කොළඹ ජාතික චිත‍්‍රපට සංස්ථා, ‘‘තරංගනී’’සිනමා ශාලාවේදී ඇරඹිනි.
ජනවාරි 25 වන දින උදාවන චීන මහජන උත්සවය සැමරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය, ශ‍්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාව හා එක්ව මෙම චිත‍්‍රපට උළෙල සංවිධානය කර ඇත.
ජනවාරි 26 දින දක්වා පැවැත්වෙන මේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සම්පුර්ණයෙන් නොමිලේ පැවැත්වේ. මහජනචීනයේ පසුගිය වසරේදී තිරගත වුණු අතිවිශිෂ්ඨ සිනමා පට 6ක් මෙලෙස ප‍්‍රදර්ශනයට එක්වේ.
ශ‍්‍රී ලංකාව හා චීනය අතර පවතින සදාකාලික මිත‍්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම චිත‍්‍රපට ප‍්‍රදර්ශනයද ඉවහල් වනු ඇත.
A Journey to the Seaside. ජනවාරි 23 සවස 6.00ට
The Great Wall. ජනවාරි 24 සවස 6.00ට
Extraordinary Mission. ජනවාරි 25 පෙරවරු 10.30ට
Skiptrace.ජනවාරි 25 සවස 2.00ට
The Wandering Earth. ජනවාරි 25 සවස 6.00ට
Animal Rescue Squad.ජනවාරි 26 පෙරවරු 10.00ට
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු