ඌව හා උතුරු මැද වෙරළ කබඩි දිනයි


44 වැනි ජාතික මහා ක්‍රීඩා උළලට සමගාවීම පැවැති වෙරළ කබඩි පිරිමි තරගාවලියේ ශූරතාව ඌව පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාව උතුරු මැද පළාත් කණ්ඩායමත් දිනාගත්තේය.

මෙම තරග මෙම මස 01,02,03 යන දිනවලදී මඩකලපුව කල්ලඩි වෙරළ තීරයේදී නිමාවට පත්විය.

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ඌව පළාතේ එස්.එම්.සී.ආර්. සමරකෝන් හා හොඳම ක්‍රීඩිකාව ලෙස උතුරු මැද පළාතේ ආර්.ටී.එන්. මල්කාන්ති  සම්මාන ලැබූහ.

වෙරළ කබඩි තරග - පිරිමි

01 වන ස්ථානය - ඌව  පළාත් කණ්ඩායම

02 වන ස්ථානය - නැගෙනහිර පළාත් කණ්ඩායම

03 වන ස්ථානය - සබරගමුව පළාත් කණ්ඩායම

වෙරළ කබඩි තරග - කාන්තා

01 වන ස්ථානය - උතුරු මැද පළාත් කණ්ඩායම

02 වන ස්ථානය - නැගෙනහිර පළාත් කණ්ඩායම

03 වන ස්ථානය - අභියාචන මණ්ඩලයට යොමු කර ඇත.

520A3372 520A3497 520A3525 520A3602 Both

 



Recommended Articles