ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (11දා) රාත්‍රීයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයක් සංවිධානය කර තිබුණි.
ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපති විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.