2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යයේ සාම්ප්‍රධායික වතාවත් අද (01) උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ආරම්භ විය.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගේ සතර වාහල්කඩ දී සමාරම්භක කිරි ආහාර පූජාව අද දින පෙරවරුවේ සිදු කෙරිනි.
ඉන් අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දුටු අමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අ ස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගි විය.
2022/23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2023 ඉදිරි යල හා මහ කන්න දෙකම සාර්ථක අස්වැන්නක් රටට ලැබී අප රට බත බුලතින් සරුවේවා යන ප්‍රාර්ථනය මෙන්ම අප රටේ දැනට පවතින අගහිඟකම් දුරු වී රට සරුසාර කිරීමට සියලු දෙනා කැප වී කටයුතු කළ යුතු යැයි ද පැවසීය.