ජනපති තායිලන්තයට පැමිණෙයි


සිව් දින සංචාරයක් සදහා අද (01දා) පෙරවරුවේ තායිලන්තය බලා පිටත්ව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ ස්වරණභූමි ගුවන් තොටුපළෙන් තායිලන්තයට ළගාවිය. 
 
තායිලන්තය වෙනුවෙන් තායිලන්ත උප අග්‍රාමාත්‍ය Somkid Jatusripitak  මහතා විසින් ගුවන් තොටුලළේදී ජනාධිපතිවරයා පිළිගත්තේය. ජනපතිවරයා පිළිගැනීම වෙනුවෙන්  විශේෂ හමුදා උත්තමාචාරයක් ද සංවිධානය කොට තිබුණි.
 

ඡායාරූප

තායිලන්තයේ දී ප්‍රදර්ශනය කිරීම සදහා මහියංගණය රජමහා විහාරයේ සිට වැඩමවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා තායිලන්තයේ ස්වර්ණභූමී ගුවන් තොටුපළ වෙත වැඩම කළ අවස්ථාව.

 
 

තායිලන්ත උප අග්‍රාමාත්‍ය Somkid Jatusripitak   මහතා විසින් ජනාධිපතිවරයා ගුවන් තොටුපළේ දී පිළිගත් අවස්ථාව.

 
 

තායිලන්ත සම්ප්‍රදානුකූලව දැරියක විසින් ස්වර්ණ භූමී ගුවන් තොටුපළේ දී ගරු ජනාධිපතිවරයා පිළිගත් අවස්ථාව.

 
 

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා පිළිගත් අවස්ථාව

 
 

 ජනාධිපතිවරයා තායිලන්ත හමුදා උත්තමාචාරය පිළිගනිමින්

 
 

සර්වඥ ධාතුන් වහන්සේලා තායිලන්තයේ ප්‍රදර්ශනය සදහා උප අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන් අවස්ථාව.

 
 

 ජනාධිපතිවරයා හා තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මහා සංඝ රත්නය සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කළ අයුරු.

 

තායිලන්ත මහා සංඝ රත්නය

 
 
 

ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළේ සංවිධානය කොට තිබු උත්සවය ජනාධිපතිවරයා අමතන අයුරු.

 

නවාතැන් ගන්නා හෝටලය වෙත පැමිණි ජනාධිපතිවරයා තායිලන්තයේ පදිංචි ශ්‍රී ලංකා දරුවෙකු විසින් පිිළිගත් අවස්ථාව

 

දුමින්ද සංජීව බාලසූරිය තායිලන්තයේ සිට - ඡායාරූප ජනපති මාධ්‍ය අංශය



Recommended Articles