අයවැය තුළින් රාජ්‍ය සේවක අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව දීපව්‍යාප්ත විධායක ශ්‍රේණි නියෝජනය කරන වෘත්තීය සමිති පසුගිය 03 වැනිදා සිට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට මෙතෙක් රජය ප්‍රතිචාර දක්වා නොමැතිවීම සම්බන්ධයෙන් හෙට (11දා) දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව දීපව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.
මේ අනුව විධායක නිලධාරීන් නියෝජනය කරන ශ්‍රේණි 19 ක් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව හෙට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්වී මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද එම සංගමයේ සභාපති ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
එම ක්‍රියාමාර්ගයෙන් නිසි ප්‍රතිචාර නොලැබුණොත් විධායක නිලධාරීන්ගේ තරම් මේ මස 31 වැනි දිනෙන් පසුව බලාගත හැකි බවද පවසා සිටියේය.