හින්දු බැතිමතුන් විසින් සමරනු ලබන තෛපොංගල් දිනය අදට(15දා) යෙදී තිබේ. සශ්‍රීකත්වය යදිමින් සූර්ය දිව්‍යරාජයාට වන්දනාකරන සෞභාග්‍යමත් තෛපොංගල් දිනය ආදරයේ හා කරුණාවේ මංගල්‍යය ලෙසද හින්දු බැතිමත්හු හඳුන්වති.
උක් ගසින් වට වූ මණ්ඩපයක අලුත් සහල්වලින් උක් හකුරු හා පලතුරුවලින් සාදාගන්නා ලද කිරිබත් සාදා, මල්, පහන් දල්වා හිරු දෙවියන්ට ඉටුකරනසූර්ය දේව පූජාව පවත්වන්නටද හින්දුවරු මෙහිදී කටයුතු කරති.
‘මේ වසරේද තම කෙත්වතු සරුසාර වේවා‘ යන්නඔවුන්ගේ පැතුමයි.
මේඅතර ජාතික තෛපොංගල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මේසඳහා තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් මහතාද, විපක්ෂනායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම ජාතික උත්සවයට සහභාගි වීමට නියමිතය.
සිතුවම - සෙනරත් ධර්මතිලක