අන්තර්ජාතික සමුළු තුනකට සහභාගිවීම සඳහා නව ඇමැතිවරු තිදෙනෙක් අද (24දා) ඇමැති පදවිවල දිවුරුම්දීමට නියමිතය.
ඉන් අනතුරුව ඔවුහු ස්විට්සර්ලන්තය බලා පිටත්විමට නියමිතය. මංගල සමරවීර, ඩී.එම්.ස්වාමිනාදන් හා විජයදාස රාජපක්ෂ යන අය මෙසේ දිවුරුම් දීමට නියමිතය.
මංගල සමරවීර හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා වන අතර ස්වාමිනාදන් හිටපු නැවත පදිංචිකිරීම් හා ප්‍රතිසංස්කරණ ඇමැතිය. විජයදාස රාජපක්ෂ මහතා හිටපු අධිකරණ ඇමැතිය.