හැඳුනුම් පත් 1050 ක් පොළොව යටින් හමුවේ


අම්බලන්තොට බැමිණියන්විල, නුගසෙවණ ප්‍රදේශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක පස් කපමින් තිබූ බැකෝ යන්ත්‍රයකට මීට වසර ගණනාවකට ඉහත පස් යට වළ දමා සඟවා තිබූ ජාතික හැඳුනුම්පත් ඇතුළු හැඳුනුම්පත් 1050 ක් අද (21දා)හමුවී තිබේ.

පස් කපමින් සිටි බැකෝ යන්ත්‍රයකට කළු පැහැති පොලිතීන් බෑග් කිහිපයක් හමු වූ බව බැකෝ යන්ත්‍රයේ රියදුරු පේදුරු ආරච්චිගේ චන්ද්‍රසිරි මහතා පැවසීය.

පසුව බැකෝ යන්ත්‍රයෙන් බැස බෑග් පරීක්ෂා කිරීමේදී ජාතික හැඳුනුම්පත් විශාල සංඛ්‍යාවක් තිබෙනු දුටු පසු මේ බව ඉංජිනේරුවරයාට දැන්වීමට කටයුතු කළ බව ඔහු කියා සිටියේය.

එම දැනුම්දීමෙන් පසු උහපිටගොඩ ග්‍රාම නිලධාරී ඒ.කේ. නුවන් චන්දන මහතාට දන්වා පසුව පොලීසියට දැන්වීමෙන් පසු ජාතික හැඳුනුම්පත් තොගය අම්බලන්තොට පොලීසිය භාරයට ගෙන ඇත.

ජාතික හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම් පත් 1050 ක් මෙහි වළලා තිබූ බවට ඒවා ගණන් කිරීමෙන් පසු තහවුරුව තිබේ.

එම හැඳුනුම්පත් බොහෝමයක් මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර, ජන්සගම, වලවෙවත්ත යන ලිපිනවලට අයත් බවටද හෙළි වී තිබේ.

1 2 3 9 11 12 13 14 15



Recommended Articles