හැටන් කොටියා අල්ලන්න මෙහෙයුම්


හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ලඳුකැලෑවක සැරිසරන කොටියා අල්ලාගැනීමට වනජීවී නිලධාරීන් විසින්අද (03දා) විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඊයේ (02දා) දහවල් එම වතුයායේ වතුනිවාස පෙළකට ආසන්නයේ තිබූ ලඳු කැලෑවක සිටි මෙම කොටියා කාන්තාවකට හා තවත් වතුකම්කරුවන් සිවු දෙනෙකුටද පහර දී තුවාල සිදුකර තිබිණි.

පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදී එම කොටියා තවත් වතුකම්කරුවන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර තිබිණි.

කෙසේ වෙතත්  වතු කම්කරුවන් මෙම කොටියා අල්ලාගන්නා තෙක් වැඩවර්ජනයක නියැළී සිටින අතර කොටියා අල්ලාගැනීමට වනජීවී නිලධාරීන්ටද ඔවුන්ගේ සහයෝගය ලබා දී තිබිණි.

මෙම කොටියා අල්ලාගැනීම සඳහා කොළඹ වනජීවී නිලධාරීන් පිරිසක් විශේෂ කුඩුවක්ද රැගෙන එම ස්ථානයට ළඟා වීමට නියමිතය.

මෙම කොටියා ලංකාවට ආවේණික වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු බවත්, මෙවැනි කොටියන් කිහිපදෙනෙකු පසුගිය වසරේ මරඋගුල් හා වස මිශ්‍ර මස් වර්ග භාවිතයෙන් ඝාතනය කර තිබූ බවත් වනජීවී නිලධාරීහු කියා සිටියහ.

 

00 copy 02 copy 02 05 copy 07 copy 09 (5) copy



Recommended Articles