අගමැති සිංගප්පූරුවට පැමිෙණෙයි


සිය තෙදින නිල සිංගපූරු සංචාරය සංචාරය අාරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිඑිස අද අලුයම සිංගප්පූරුවට පැමණියහ. ඔහු පිළිගැනීම සඳහා සිංගපුපූරුවේ අධ්‍යාපන තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය වෛද්‍ය අමාත්‍ය ජනිල් පුතුචෙරි මහතා හා එම මහත්මිය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත පිරිස සිංගප්පූරුවේ චංගි ගුවන් තොටුපොළේදි පිළිගන්නා ලදී. 

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවික්‍රම, සංවර‍්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු මෙම නිල සංචාරයට එක්ව සිටිත.

අගමැතිවරයා අද දිනයේදි විවේකීව ගත කරන අතර නිල සංචාරයේ රාජ්‍ය ත්‍රාත්ත්‍රික කටයුතු හෙට සිට ආරම්භ විමට නියමිතය. ඒ අනුව හෙට දිනයේදි දකුණු ආසියානු තුන්වැනි ඩයස්පෝරා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වන අග්‍රාමාත්‍යවරයා එහිදී ආරාධිත දේශනය සිදු කිරිමට නියමිතය. මෙය රැෆල්ස් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

ඉන් අනතුරුව සිංගප්පූරු ජනපතිව ටෝන් ටැන්ග් මහතා, අග්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූං මහතා සමග දිවිපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විමට නියමිතය. මෙම ද්විපාර්ශ්විය සාකච්ඡා සිංගප්පුරුවේ ජනපති නිල නිවස වන එස්තානා හි පැවැත්විමට නියමිතය. පසුව දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමටද නියමිතය.

චානක චන්ද්‍රසේකර සිංගප්පූරුවේ සිට

B37A2960 B37A2970 B37A2973 B37A2974 B37A2978 B37A2981 IMG_1708



Recommended Articles